Saturday, August 14, 2010

නපුංසක ඇඳුරාණ......

මේක උනේ අපේ ඩිපාර්ට්මන්ට් (කැම්පස් ආයතන) පරිශ්‍රයේදි... අම්මා අප්පා හම්බකරපු සල්ලි ව්යදම් කරලා මම ළඟදි ගත්තා laptop එකක්. මේක ගත්තේ මේ උපාධියේ සම්පූර්ණ කළයුතු ප්‍රොජෙක්ට් එක කරලා ඉවර කරන්නයි. අදත් උදෙන්ම නැගිටලා laptop එක තුරුලු කරන් ආවා කැම්පස් එකට, ඇවිත් සුපුරුදු පරිදි රිංගා ගත්තා ඩිපාර්ට්මන්ට් එකට. අද කෙලින්ම ගියේ ලැබ් (Computer Lab) එකට.
ඊ-මේල් එහෙම චෙක් කරලා වැඩ පටන් ගන්න කියලා තේ එකක් බොන්න කැන්ටිමට ගියා. ඉතින් සුපුරුදු පරිදි විද්‍යාපීඨ කැන්ටිම වහලා, ඒ නිසා තේ බොන අදහස අතහැරලා ආපහු එනකොට ජංගම දුරකථනය (Phone ;) ) නාද වෙන්න ගත්තා.. යලුවෙක් හදිස්සියෙන් වගේ කිව්වා කවුදෝ මගේ laptop එක අරං යනවා කියලා. ඒත් ලැබ් එක ඇතුලේ හොරු නැති නිසා මම වැඩි කළබලයක් නැතුව ලැබ් එකට කිට්ටු කළා.
අපේ නපුංසක පරිඝණක ජාල කළමණාකරු (Network Admin) මගේ ලැප්ටොප් එකයි, ඇඩැප්ටර් එකයි ඔක්කොම අරං අපේ උඩ මළුව දිහාට නගිනවා. ඉතින් මට යකා නැග්ගා. මමත් මිනිහා පස්සෙන් උඩට ගිහින් බැලුවම ලැප්ටොප් එක බිම දාලා. අපේ අම්මා උගුර ලේ රහ වෙනකන් ළමයින්ට උගන්නලා ලැබෙන පඩියෙන් මට අරන් දුන්න ලැප්ටොප් එක එහෙම තියෙනවා දැක්කම මට හිතුන දේ කියන්න ඕනි නැහැනේ. මම ඒක අරන් මේසයක් උඩින් තිබ්බා. නපුංසක කියනවා ලැප්ටොප් එක දෙන්නේ නැහැලු. මිනිහා එක්ක තර්ක කිරීමෙන් වෙන්නේ එක්කො මම මිනීමරුවෙක් වෙන එක බව දැන්ගෙන මම එතනින් ආවා.



පස්සේ අපේ කථිකාචාර්‍යකෙනෙක් මැදිහත් වෙලා මගේ ලැප්ටොප් එක ආපහු මට ලැබුනත් මම පුදුම කළකිරීමකට පත්වුනා. අපි විශ්ව විද්‍යාල සිසුන්ද ??? මොන්ටිසෝරි ළමයිද?? අපි කට පියාගෙන හිටියම මේ වගේ නපුංසක ඩයල් තවත් ෆෝම් වෙනවා.
මේවා අපේ වැරදි.. මේවා ඉවර කරන්න විදියක් නැද්ද ???

7 comments:

  1. මේක සිරා සිද්ධියක්ද? O_o

    ReplyDelete
  2. ඔව් මේ මට ඇත්ත සිද්ධියක්... මේවා වෙන්නේ අරාජික උන තැන්වල, හරියට අපේ කර්මාණ්ත පරිපාලනය වගේ.. ශිෂ්‍යයන්ගේ හරි නියෝජනයක් නැති තැන්වල. මම උපාධිය කරන තැන තියෙන මේවගේ ගොන් පාට් අනන්තයි. මම හිතන්නේ අපේ පහල අවුරුදුවල ඉන්න මල්ලිලා නංගිලා මේවයින් අපිට වඩා බැටකයි !

    ReplyDelete
  3. මට එහෙම ඔහොම එකක් උනා නම් ඕකට ඔතනදිත් ගහලා.. රෑ වෙලා ගෙට පැනලත් ගහලා... උදේ වෙන කොට අන්ඩකුත් කඩනවා

    ReplyDelete
  4. රැග් නෑ කියල පොර ටොක් දුන්නට අයියේ පොද්දන්ගේ එහෙම ඔයවගේ දෙයක් වෙනවද කියල හිතල බලන්න. (සමහර විට අපිට වැඩිය ලැප්ටොප් නැතුව ඇති) මහාශිෂ්‍ය සංගමේ ජිම්​එකේ කෑම වෙනස් උනත් ඒකට එරෙහිව සටන් කථා කරනවා. ජවිපෙ ට කඩේ යන්න අවශ්‍ය නෑ. නමුත් ශිෂ්‍ය අයිතිය කවුරුත් බන්දේසියක තියලා දෙන්නෙ නෑ. ඔයා​ට උනු අසාධාරණය වෙනුවෙන් කථාකරන්න නම් ශිෂ්‍ය එකමුතුවක් තියෙනවද? දැන් ඔබට මේ වෙනුවෙන් පැමිණිලි කරන්න වෙන්නෙත් ඇදුරැ පරිපාලනයටම නේද?

    ReplyDelete
  5. @Hero මම ඉවසුවේ මොකක් නිසාද කියලා තේරෙන්නේ නැහැ, ඒත් එක අතකින් එහෙම හිටි එක හොඳයි. මොකද මේවා ඊළඟට නතර වෙන්නේ පත්තරේ ගිහින් තමා...

    @Amila ඔව් මල්ලි මේ අලුතින් හදපු සිස්ටම් එකේම ප්‍රශ්ණයක් මේක. දැන් කරන්න දෙයක් නැහැ, මේක වෙනස් කරන්න ගිහින් පහුගිය දවස් වල උනදේවල් හැමෝම දන්නවානේ ! අපේ කැම්පසුත් නිකන් ප්‍රයිවෙට් ඩිග්‍රි බවට නිකම්ම පත් වෙනවා. ඒකේ දෙකක් නැහැ!

    ReplyDelete
  6. කව්ද බන් අර බුද්දික කියන පොන්නයාද උබේ ලැප්ටොප් එක ඇරගෙන ගිහින් තියෙන්නෙ,. ඕකට ඔය වගේ පුකේ අමාරුම තමා තියෙන්නේ. කාලයක් තිබුන ඔකාට අමරුවක් ලැබ් එකේ කොම්පියුටර් ෂට් ඩවුන් කරන පිස්සුවක්.. දැන් පොර ලැප්ටොප් උස්සන පිස්සුවක් හදාගෙනද බං.. ඕකට දීපන් අතක් පයක් කැඩෙන්න පොන්න මීහරකා...

    ReplyDelete
  7. ඔය පොන්නයට ගැහුවොත් අර උඩමලුවෙ ඉන්න පොන්න පක්කු ටික ෆෝම් වෙලා අපිට කෙලවනව.... උන්ටත් ඉතින් අපිට හුකන්න චාන්ස් එකක් හම්බ වෙනකන්නෙ ඉන්නෙ... මම හිතන්නෙ අපි අවුරුදු ගානක් මහන්සිවෙලා ලබාගන්න හදන ඩිග්‍රිය ඔය පොන්නයෙක් දෙන්නක් නිසා කලබල වෙලා නැතිකරගන්න ඕන නෑ.... කටවහගන ඉදල ඩිග්‍රිය අරගන ඊට පස්සෙ හොදට සෙට් වෙලා කැරි අමනයන්ට ගහන්න ඕන ආයෙත් ඔය වගේ ඒව නොකරන්න....

    ReplyDelete