මේක උනේ අපේ ඩිපාර්ට්මන්ට් (කැම්පස් ආයතන) පරිශ්‍රයේදි... අම්මා අප්පා හම්බකරපු සල්ලි ව්යදම් කරලා මම ළඟදි ගත්තා laptop එකක්. මේක ගත්තේ මේ උපාධියේ සම්පූර්ණ කළයුතු ප්‍රොජෙක්ට් එක කරලා ඉවර කරන්නයි. අදත් උදෙන්ම නැගිටලා laptop එක තුරුලු කරන් ආවා කැම්පස් එකට, ඇවිත් සුපුරුදු පරිදි රිංගා ගත්තා ඩිපාර්ට්මන්ට් එකට. අද කෙලින්ම ගියේ ලැබ් (Computer Lab) එකට.
ඊ-මේල් එහෙම චෙක් කරලා වැඩ පටන් ගන්න කියලා තේ එකක් බොන්න කැන්ටිමට ගියා. ඉතින් සුපුරුදු පරිදි විද්‍යාපීඨ කැන්ටිම වහලා, ඒ නිසා තේ බොන අදහස අතහැරලා ආපහු එනකොට ජංගම දුරකථනය (Phone ;) ) නාද වෙන්න ගත්තා.. යලුවෙක් හදිස්සියෙන් වගේ කිව්වා කවුදෝ මගේ laptop එක අරං යනවා කියලා. ඒත් ලැබ් එක ඇතුලේ හොරු නැති නිසා මම වැඩි කළබලයක් නැතුව ලැබ් එකට කිට්ටු කළා.
අපේ නපුංසක පරිඝණක ජාල කළමණාකරු (Network Admin) මගේ ලැප්ටොප් එකයි, ඇඩැප්ටර් එකයි ඔක්කොම අරං අපේ උඩ මළුව දිහාට නගිනවා. ඉතින් මට යකා නැග්ගා. මමත් මිනිහා පස්සෙන් උඩට ගිහින් බැලුවම ලැප්ටොප් එක බිම දාලා. අපේ අම්මා උගුර ලේ රහ වෙනකන් ළමයින්ට උගන්නලා ලැබෙන පඩියෙන් මට අරන් දුන්න ලැප්ටොප් එක එහෙම තියෙනවා දැක්කම මට හිතුන දේ කියන්න ඕනි නැහැනේ. මම ඒක අරන් මේසයක් උඩින් තිබ්බා. නපුංසක කියනවා ලැප්ටොප් එක දෙන්නේ නැහැලු. මිනිහා එක්ක තර්ක කිරීමෙන් වෙන්නේ එක්කො මම මිනීමරුවෙක් වෙන එක බව දැන්ගෙන මම එතනින් ආවා.
පස්සේ අපේ කථිකාචාර්යකෙනෙක් මැදිහත් වෙලා මගේ ලැප්ටොප් එක ආපහු මට ලැබුනත් මම පුදුම කළකිරීමකට පත්වුනා. අපි විශ්ව විද්‍යාල සිසුන්ද ??? මොන්ටිසෝරි ළමයිද?? අපි කට පියාගෙන හිටියම මේ වගේ නපුංසක ඩයල් තවත් ෆෝම් වෙනවා.
මේවා අපේ වැරදි.. මේවා ඉවර කරන්න විදියක් නැද්ද ???
Saturday, August 14, 2010
ශ්රෙක් (Shrek)ගේ ඉන්ටර්වීව් එක....
ලඟදී කැලණිය කැම්පස් එකේ තිබුනලු රැකියා පොළක්... මේක ලොකු ඉවෙන්ට් එකක් විදියට කලාලු. ලොකු ලොකු කම්පැණි කීපයකින් ඇවිත් හිටියලු මේකට. CodeGen, HSBC, DFSS, MAS වගේ ඒවත් මේ අතර තියෙනවාලු.
කර්මාණ්ත පරිපාළනේ කට්ටියත් මේකට හිටු කියලා ලෑස්ති වෙනවලු. සමහරු දන්නේවත් නැති ජොබ් වලට ඇප්ලයි කරලලු. කොහොම කොහොම හරි කට්ටිය ඉන්ටර්වීව් වලට උපරිම කැපවීමකින් සහභාගී උනාලු.
මේ අතර පරිපාළනයේ ඉන්න ටිකක් දුර පලාතකින් ආපු අපේ සහෝදරයෙකු අලුත් ෂර්ට් එකක්, ටයි එකක් එහෙම අරන් මහත්තයා වගේ ආවලු පොළ පැත්තේ.. කොම්පියුටර් ජොබ් කීපයකට ගිහින් පොඩ්ඩක් චාටර් උන නිසා මේ සහෝදරයා හිතුවලු බැංකුවක් පැත්තේවත් ගියානම් හොඳයි කියලා. හිතලා HSBC එක පැත්තට කිට්ටු කලාලු... එතන හිටපු ඉන්ටර්වීව් කරන කෙනා අපේ සහොදරයට වාඩිවෙන්න කියලා ප්‍රශ්ණ කිරීම පටන් ගත්තාලු.
බැංකුවේ අයියා: අපිට කියන්න ඔබේ අනාගත් අපේක්ෂාව මොකද්ද කියලා?
අපේ මල්ලි: මට කවදාහරි ඕනි බැංකු ක්ෂේස්ත්රයේ ඉහලටම යන්න... (මිහිහා IT කොම්පැනි කීපයකටත් ගියා)
බැංකුවේ අයියා: අහ්හ් අනේ බොරුනම් කියන්න එපා... මේ CV එකේනම් තියෙන්නේ මැනේජ්මන්ට් සහ තොරතුරු තාක්ෂනය එකතු කරලා මොකද්දෝ කරන්න යනවා කියලා...
අපේ මල්ලි කොහොමහරි ගොත ගහලා උත්තරයක් දුන්නලු... වැඩේ යන්නතම් ෂේප් කරගත්තලු...
බැංකුවේ අයියා: ඔයගේ විවේකය ගතවෙන්නේ කොහොමද?
අපේ මල්ලි: මම ගොඩාක් වෙලාවට ෆිල්ම් බලනවා...
බැංකුවේ අයියා: අහ්හ්හ් එහෙනම් කියන්න බලන්න ළඟදි බලපු ෆිල්ම් එකක් ?
අපේ මල්ලි: (තමන්ටම: මම බලන්නේ ඉතින් මොනවද කියලා මෙතන කිව්වොත් මගේ සායම යනවා) මම ළඟදි බැලුවේ ශ්රෙක් (Shrek) 4
බැංකුවේ අයියා: ලස්සන ෆිල්ම් එක නේද ?
අපේ මල්ලි: හ්ම්ම් ඔව් ලස්සනයි
බැංකුවේ අයියා: මමත් ශ්රෙක් (Shrek) ෆැන් කෙනෙක්... කියන්න බලන්න කථාව ටිකක්...
අපේ මල්ලි: (තමාටම: මළා, දැන් මොකද කරන්නේ ??? මම මේක බලල නැහැනේ. බලමු පචයක් කියලා) ම්ම්ම් ඒකේ වෙන්නේ ශ්රෙක්ට ගොඩාක් ප්‍රශ්ණ ඇතිවෙනවා. කථා රචකයා ෆිල්ම් එක අවසානයේ මේ ඔක්කොම ප්‍රශ්ණ ලස්සනට විසඳනවා...
දැන් අපේ මල්ලිගේ කන් දෙකෙන් මිහිරි වේදනවක් දැනෙනවා...
බැංකුවේ අයියා: එහෙමද ? කියන්නකො බලන්න ප්‍රශ්ණ එකක් දෙකක්....
අපේ මල්ලි කියන්න ගත්තා තමන්ගේ ශ්රෙක් (Shrek) 3 කථාවේ මතකයන්... ඊට අමතරව ශ්රෙක් (Shrek) 4 ට්‍රේලරයේ තිබ්බ කැලි එකතු කරලා මිනිහා අලුතෙන් ශ්රෙක් (Shrek) 4 කථාව ගොඩ නගන්න ෆුල් ට්‍රයි එකක් දුන්නා... හිතන්න පුලුවන්නේ මලයාට උන ඉතුරු ටික...........
දන්නේ නැත්තම් ඉතින් කට පියන් ඉන්න එක හොඳයි කියලා තමා මේ මල්ලි උනත් දැන් කියන්නේ....

Subscribe to:
Comments (Atom)