Saturday, July 31, 2010

බණට කියපු කතාවක්

මේක උනේත් කලින් පෝස්ට් එකෙන් කියපු බණ දවසෙමයි. බණට වැඩිය හාමුදුරුවෝ කිව්වා ගම්පහ පැත්තේ කෙල්ලෙක් (අවු 12) ඒ වයසෙම කොල්ලෙක්ගේ කලිසම ගැලෙව්වලු. මේක අහලා අපේ කට්ටිය හොඳටම බයවෙලා. හෙතුව අපේ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න ගම්පහින් ආපු කෙල්ලෙක් තමා. කොච්චර බයවෙලාද කිව්වොත් කටිටිය එයා ලඟින් යන්නේ කලිසම අතින් අල්ලගෙනලු ! අනික කීපදෙනෙක් අලුතින් ඉන පටි (බෙල්ට්) ගත්තා කියලත් ආරංචියි !

Friday, July 30, 2010

සුද්දාගේ ශබ්දකෝෂය !

හැම වෙලේම කඩ්ඩේන් කතා කරන, එකේම උඩමළුවට යන්න ඉන්න බිෂොපියන් බේබි කෙනෙක් අද (බණ දවසේ) අපේ කොල්ලෙක් එයාගේ බැග් එක ඇද්දා කියලා බැන්නේ සුද්ද සිංහලෙන්ලු ! මෙහෙම දෙයක් මීට අවුරුදු ගානකට කලින් මේ යාලුවටම, මේ කියන බේබිගෙන්ම උනාලු.. තාමත් නොකීවට මේ ආයතනයේ ඔක්කොමලා මේ බේබිට බයයිලු ! ලස්සනම කතාව කියන්නේ පාලක ප්‍රජාවත් බේබි කියනදේට පිටින් යන්නේ නැහැලු !